Header

Sri Lanka Army

Defender of the Nation

18th November 2015 22:30:42 Hours

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන තවත් දෙමළ පාඨමාළාවක් නිමා වේ

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය හා එක්ව පවත්වනු ලැබූ තවත් දෙමළ පාඨමාළාවක් අඟහරුවාදා (17) දින නිමා විය. බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරී නියුතු නිළධාරීන් සහ සෙසු නිළයින් 95 දෙනෙකු සහභාගි වූ මෙම පාඨමාළාව පසුගිය නොවැම්බර් 05 වන දින ආරම්භ විය. මෙම පාඨාමාළාවේ සමාප්ති උත්සවය සහ සහතික ප්‍රධානෝත්සවය 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ශ්‍රවණාගාරයේ දී පැවත් වූ අතර ඒ සඳහා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් ආර් හේරත් මහතා, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එම්.ඒ ඉසදීන්, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ පාඨමාළාලාභීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.trace affiliate link | Nike Shoes, Clothing & Accessories