Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
15th November 2015 20:22:47 Hours
කිලිනොච්චි, මුලතිව් හා වන්නි ප්‍රදේශවල ගංවතුරින් හානි වූ ජනතාව වෙත යුද හමුදාවෙන් සහන
කිලිනොච්චි, මුලතිව් සහ වන්නි යන ප්‍රදේශයන්හි සේවයේ නියුතු යුද හමුදාවේ සෙබලුන් 700 කට අධික පිරිසක් විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන පල්ලියාරු, වන්නිකුලම්, මන්දගල්ආරු, පාන්නගන්දි, නේතාලියාරු ප්‍රදේශ, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන මුත්යාකට්ටු ප්‍රදේශය සහ වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන කොකිලායි, ජනකපූර, වැලිඔය සහ පුල්මුඩෙයි යන ප්‍රදේශ මේවන විට මුහුණ දී ඇති ගංවතුර ආපදා තත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ විපතට පත් ජනතාව 5000 කට ආසන්න පිරිසක් වෙත පිසූ ආහාර, වෛද්‍ය ආධාර, සනීපාරක්ෂක හා තාක්ෂණික පහසුකම් සැපයීම ආදිය සිදු කරනු ලැබේ. ගංවතුර බලපෑම එල්ල වූ ජනතාවගෙන් 4200 ක් පමණ බහුතරක් කිලිනොච්චි ප්‍රදේශයට අයත් වන අතර, ඔවුන් මේ වන විට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්ගේ සහාය ඇතිව උමයංගපුරම් විද්‍යාලය, කුමාරන්පුරම් විද්‍යාලය, පොට්ටුවඩු විද්‍යාලය, ආනන්දකුලම් විද්‍යාලය සහ ශ්‍රී මුරුක්කන්ඩි විද්‍යාලය යන ස්ථාන වල ස්ථානගතකොට ඇත. එසේම නිවාස බොහොමයක් ජලයෙන් යටවී පැවතීම නිසා පානීය ජලය, සබන්, පැදුරු, කොට්ට, ආදී මූලික පහසුකම් ද ඔවුන් වෙත ලබා දී ඇත. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් ආරුමනායගම් මහතාගේ සම්බන්ධිකරණයෙන් ආපදාවට ලක් වූ ජනතාව වෙත සෙනසුරාදා (14) දින යුද හමුදාව විසින් අවශ්‍ය පිසු ආහාර ලබා දී ඇති අතර, තවද එම ආපදා තත්වයට මුහුණදුන් සමහර පිරිස් සිය ඥාතීන්ගේ නිවෙස් වෙත ගොස් ඇත. එමෙන්ම කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ විවිධ බලඇණිවල සේවයේ නියුතු සෙබලුන් 300 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අදාල සහන කටයුතු සිදු කරනු ලැබේ. කිලිනොච්චි සෙබලුන් විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත අදාළ ස්ථාන වල අමතර වැසිකිලි ස්ථාපිත කරමින් අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු ද සපයා ඇති අතර, ඉරිදා (15) දින උදෑසන එම පිරිස් වෙත වියළි ආහාර ද ලබා දී ඇත. එසේම සෙබලුන් විසින් විපතට පත්වූවන් වෙත යුද හමුදා වෛද්‍ය නිලධාරීන්ගේ හා කිලිනොච්චි දිසා රෝහලේ සහාය ඇතිව වෛද්‍ය ආධාර ලබා දීම ද සිදු කරන ලදි. එමෙන්ම, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් විසින් ගෙවිගිය පැය 48 තුල ගංවතුර තර්ජනයට පත් වූ වැසියන් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත්කොට කල්ලපාඩු ප්‍රාථමික විද්‍යාලය, පන්දරාවානි සහ මුතියන්කටුටු විද්‍යාලය යන ස්ථාන වලට රැගෙන යන ලදි. තවද මෙයින් සමහර දෙනෙකු ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ නිවෙස්වලට ගොස් ඇත. සෙනසුරාදා (14) දින රාත්‍රියේ දී යුද හමුදාවේ සෙබලුන් විසින් විපතට පත් ජනතාව වෙත රාත්‍රි ආහාර පාර්සල් 100 ක් ලබා දී ඇත. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ අධික්ෂණය මත සෙබලුන් 300 කට අධික පිරිසක් මේ වන විට ජිවිතාරක්ෂක හා සහන සැලසීමේ කටයුතු සඳහා යොදවා ඇත. තවද, අවතැන් වූ ජනතාවගෙන් 208 දෙනෙකු පමණ ඉහත නම් සඳහන් සහන මධ්‍යස්ථාන වල නැවතී සිටින අතර, ඉදිරියේදීත් යුද හමුදාව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග නිරන්තර සබඳතාවයෙන් සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව ද හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා බොට්ටු සමඟ ස්ථානගතව ඇත. එමෙන්ම, කෝකිලායි, ජනකපුර, වැලිඔය හා පුල්මුඩේ ප්‍රදේශවල පීඩාවට පත් ජනතාව 100 දෙනෙකු සඳහා එක් පාසලක් සහ පල්ලියක් තුළ අවශ්‍ය පහසුකම් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සපයා ඇත. භට පිරිස් විසින් අවතැන් වූ එම ජනතාව වෙත ඊයේ (14) රාත්‍රියේ දී කෑම පාර්සල් 100 ක් ලබා දී ඇති අතර තවද මෙම තත්වය පිළිබඳව වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් පෞද්ගලිකවම සොයා බලා අවශ්‍ය සහන සැපයීමට කටයුතු කරන ලදි. ඉරිදා (15) පෙරවරුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගංවතුරින් විනාශයට පත් ප්‍රදේශ භාර ආඥාපතිවරුන් වෙත අවශ්‍ය කටයුතු සම්බන්ධිකරණය කරමින් එම ජනතාව වෙත අවශ්‍ය පහසුකම් ලබාදෙමින් තමන් දැනුවත් කරන ලෙස ද ඉල්ලීමක් කර ඇත.
jordan release date
|
Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf