Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2015 22:00:12 Hours

බටහිර සෙබලුන් තවදුරටත් ඩෙංගු මර්ධනයේ යෙදේ

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් ජාතික ඩෙංගු මර්ධන වැඩසටනට දායක වෙමින් නොවැම්බර් මස 14 වන දින දක්වා ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී. බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි. කොළඹ සහ කළුතර ප්‍රදේශයන්හි පවත්වනු ලැබූ ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් 204 දෙනෙකු සහභාගි වූහ. එසේම මෙම වැඩසටහන සඳහා වෛද්‍ය නිළධාරීන්, දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරීන් මෙන්ම පොලිස් නිළධාරීන් ද එක්ව සිටියහ. Sports brands | Sneakers