Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2015 18:48:34 Hours

ආපදා තත්වයක දී මුදවා ගැනීමේ කටයුතු පිළිබඳ පුහුණුවක්

යුද හමුදා පුහුණූ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය සමඟ එක්ව ‘ධාරිතා සහ බැරගත පුහුණු’ පිළිබඳව දින 05 ක වැඩමුළුවක් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දී (9) සඳුදා ආරම්භ විය. මේ සඳහා ජාතික ආපදා මධ්‍යස්ථානයේ නිළධාරීහු 10 දෙනෙක් සමගින් අභ්‍යාසලාභීන් 69 දෙනෙකු සහභාගි වූහ. ස්වේච්ඡා බලකා පුහුණු පාසල් සම්මන්ත්‍රණ ශාලාවේ දී සඳුදා (9) දින ආරම්භ වූ මෙම වැඩමුළුවෙහි සමාරම්භක අවස්ථාව සඳහා යුද හමුදා පුහුණු ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා සමගින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පී.එච්.ඒ විමලවීර මහතා සහභාගි වූහ.Sports News | Archives des Sneakers