Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
07th November 2015 14:12:49 Hours
දේශය වෙනුවෙන් දිවි පිදූ අභීත විරුවන් සිහිකිරීමට මුල් තැනක් දෙමින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සිය සංවත්සරය සමරයි
යුද හමුදාවේ ඉතා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි 64 වන සංවත්සරය සිකුරාදා (6) දින පනාගොඩ පිහිටි ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී සමරනු ලැබීය. මෙම අවස්ථාවේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ ආරාධනයෙන් එම රෙජිමේන්තුවටම අයත් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වූ අතර, සංවත්සරයට සමගාමීව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ඉංජිනේරු බලකා රණවිරු ස්මාරකය වෙතු පුෂ්පෝපහාර දක්වනු ලැබීය. එම අවස්ථාවේ ඉංජිනේරු බලකායේ සෙබලු හමුදා සම්ප්‍රදායානුකූලව ප්‍රධාන දොරටුව අභියස දී යුද හමුදාපති වෙත සම්මාන ආචාර මුරයක් පැවැත් වූ අතර, රෙජිමේන්තු සේනාවිධායක විසින් හෙතෙම ගෞරවයෙන් පිළිගත්හ. ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු පිරිස දිවි පිදූ රණවිරුවන් සිහි කිරීම සඳහා වූ නොනිමෙන පහන අභියස දී මල් කළඹ තැන්පත් කරමින් පුෂ්පෝපහාර දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වූයේ ඔවුනට උපහාර පුද කරමිනි. අනතුරුව බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාමීය වශයෙන් සර්වආගමික ආශිර්වාද ලබාගැනීම සඳහා සැවොම නිහඬව සිට එක්වූහ. මෙම රණවිරු ස්මාරකය වෙත ඉංජිනේරු රෙජිමේන්තු අධිපති, එම බල සේනාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක සහ එම රෙජිමේන්තුවේ විශ්‍රාමික රණවිරුවන්, ඒකක අණදෙන නිලධාරින්, එම පුහුණු පාසල් සේනාවිධායක මෙන්ම රෙජිමේන්තු බලලත් නිලධාරීන් මල් කලඹ පිරිනමා උපහාර දැක්වූහ. එම අවස්ථාවට දිවි පිදූ රණවිරුන්ගේ ළඟම ඥාතීහු ද එක්වූහ. එමෙන්ම සිකුරාදා (06) රාත්‍රියේ එම ඉංජිනේරු රෙජිමේන්තු පරිශ්‍රයේ සර්වරාත්‍රික පිරිත් දෙසුමක් පැවැත්වෙන අතර, පසුදින (07) උදෑසන මහා සංඝරත්නය වෙත ‘හීල් දානය’ පිරිනැමීමෙන් වැඩසටහන නිමාවට පත් වේ. විශ්‍රාමික නිලධාරීන්, සේවයේ යෙදී සිටින නිලධාරීන්, දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. සැමරුම් උතසවයේ තෙවන අදියරේ දී ඉංජිනේරු රෙජිමේන්තු අධිපති වෙත සම්මාන ආචාර පෙළපාලියක් සඳුදා (09) දින පිරිනැමීමට නියමිත අතර, අනතුරුව එදින දහවල් සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
jordan release date
|
Nike Air Max 270