Header

Sri Lanka Army

Defender of the Nation

06th November 2015 20:52:04 Hours

යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනයෙහි වැඩසටහන් රැසක්

මෙහිදී හමුදාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් නවදාගල පදුමකිත්ති ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා සඳහා කඨින චීවර හා දානය ද පිරිනමනු ලැබීය. කඨින පූජාවෙන් අනතුරුව යුද හමුදාපතිතුමා නාගදීපයෙහි නාග පූසානි අම්මාන් කෝවිලෙහි පැවති පූජෝත්සවය සඳහා ද සහභාගි වූහ. එදින වැඩසටමහනේ දෙවන අදියරේදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්තගේ ආරාධනයෙන් තල් සෙවණ නිවාඩු නිකේතනයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ සුභෝපභෝගී කාමර දෙකක් ද විවෘත කරනු ලැබීය. උතුරු මුහුද සමගින් අවට පරිසරය මනාව දර්ශණය වන පරිදි මෙම නව කාමර දෙක ඉදි කිරීම සඳහා දායක වූ සියලු දෙනා හට යුද හමුදාපතිතුමන් මෙම අවස්ථාවේ දී ස්තුතිය පිරිනමනු ලැබීය. අනතුරුව යුද හමුදාපතිතුමා විසින් 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා අණ දෙන නිළධාරිනියගේ ආරාධනයෙන් මයිලඩි ප්‍රදේශයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ නිළධාරී නිවස්නය විවෘත කරනු ලැබීය. මෙහිදී 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ අණ දෙන නිළධාරිනී මේජර් නයෝමි රත්නායක විසින් යුද හමුදාපතිතුමා පිළිගැනීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දල්වා නව නිළධාරී නිවස්නය විවෘත කිරීම සඳහා යුද හමුදාපතිතුමා කැටුවාගෙන යනු ලැබීය. මෙම අවස්ථාවන් සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමා සමගින් නිළධාරීන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ. Authentic Nike Sneakers | Nike Dunk - Collection - Sb-roscoff