Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
06th November 2015 20:18:53 Hours
ආරක්ෂක සේවා විද්‍යාලය සඳහා නව නේවාසිකාගාර සංකීර්ණයක් ඉදි කෙරේ
කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයෙහි ඉදි කිරීමට නියමිත නව නේවාසිකාර සංකීර්ණය සඳහා සිකුරාදා (6) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ මුල්ගල තබනු ලැබීය. මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙහි සහ ආරක්ෂක සේවා විද්‍යාලයෙහි ආරාධනයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා සහභාගි වූ අතර, එම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක අමාත්‍යාංශ නියෝජ්‍ය ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා, යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, යුද හමුදා විධායක ජෙනරාල්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිළධාරීන්, ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති සමගින් ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ. සිව් මහල් සංකීර්ණයකින් සමන්විත මෙම නේවාසිකාගාරයෙහි සිසුන් 554 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් ලබා ගත හැකි අතර, රුපියල් මිලියන 603 ක් පමණ වැය කරමින් ඉදි කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය 2018 වර්ෂයේ නිම කිරීමට නියමිතය. මේ සඳහා ශ්‍රමදායකත්වය 6 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙබලුන් විසින් සහ විශේෂඥ සහය පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට නියමිතය. මෙහිදී සම්භාවනීය අමුත්තන් ප්‍රමුඛ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නේවාසිකාලාර සංකීර්ණය සඳහා මුල්ගල තබනු ලැබීය. මෙහිදී ශිෂ්‍යාවන් විසින් බුලත් හුරුල්ලක් පිළිගන්වා ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගනු ලැබීය.
Nike air jordan Sneakers
|
Air Jordan Sneakers