Header

Sri Lanka Army

Defender of the Nation

06th November 2015 18:18:21 Hours

බටහිර ආරක්ෂක සෙබලුන්ට දෙමළ භාෂා පුහුණුව ලබාදෙති

විවිධ කටයුතුවල දී දෙමල භාෂාව හැසිරවීමේ පහසුව උදෙසා තම මූලස්ථානය යටතේ සිටින සෙබලුන්ගේ දෙමල භාෂා දැනුම වර්ධනය කිරිමට බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය දින 12 ක කාලයක් මේ වෙනුවෙන් පනාගොඩ 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු පරිශ්‍රයේ දී පාඨමාලාවක් පැවැත් වූ අතර, භාෂා අධ්‍යාපන හා පුහුණු ජාතික ආයතනය මෙය මෙහෙයවීය. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් ආර් හේරත් මහතාගේ මඟ පෙන්වීම මත නිලධාරින් සහ සෙසු නිලයින් 95 දෙනෙක් මෙම පාඨමාලාවට එක්වූහ. ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද ආරම්භක උත්සවයට එක්ව සිටියහ. Running Sneakers | Air Jordan 1 Retro High OG University Blue - Gov