Header

Sri Lanka Army

Defender of the Nation

05th November 2015 22:34:45 Hours

ජාතික ආරක්ෂක බලමුළුවට වසර 25 ක් පිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සිය 25 වන සංවත්සරය වෙනුවෙන් විවිධ වැඩසටහන් කිහිපයක් එහි සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරිනි. ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් ඔක්තෝබර් මස 28 වන දින සර්වරාත්‍රික පිරිත් දෙසුමක් පවත්වා පසුදින සංඝයාවහන්සේ 25 නමක් විෂයෙහි දානමය සහ පිරිකර පූජාවක් ද සිදු කොට එම බලමුළුවේ දිවි පිදූ රණවිරුවන්ට පිංපැමිණවීමත්, සේවයේ යෙදී සිටින විරුවන්ට සෙත් පැතීමත් සිදු කරනු ලැබීය. එමෙන්ම එම බලමුළුවේ සෙබලු කුරුණෑගල, මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී මේජර් ජෙනරාල් උදය පෙරේරා වෙත සම්මාන මුරයක් සහ ආචාර පෙළපාලියක් ද පිරිනැමිය. Sports brands | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth