Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
05th November 2015 22:28:47 Hours
යුද හමුදාපති උපදෙසින් විදුලිසැර වැදී මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙත ආධාර පිරිනැමේ
(මාධ්‍ය නිවේදනය) ගිංතොට ප්‍රදේශයේ දී විදුලිසර වැදී මිය ගිය යුද හමුදා සාමාජිකයින් තිදෙනාගේ පවුල් වෙත යුද හමුදාපති අරමුදලින් මූල්‍යමය ආධාර පිරිනැමීමට සහ එම සෙබලුන්ගේ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ අදාල සුසාන භූමිවල දී ඉටු කිරීමටත් යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා බ්‍රහස්පතින්දා (05) පෙරවරුවේ අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන්නේය. යුද්ධ හමුදාපතිතුමාගේ පුද්ගලික මැදිහත්වීම පරික්ෂණ පවත්වා මෙසේ රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (03) රියදුරු පුහුණුව ලබමින් සිටින අතරතුර මෙම ඛේදනීය ඉරණමට ගොදුරු වූ සෙබලුන් තිදෙනාගේ පවුලේ ළඟම ඥාතීන්ට එක් සෙබලෙකු වෙනුවෙන් රු: ලක්ෂය බැගින් පිරිනැමීමටත් රෙජිමේන්තු මට්ටමින් අනෙකුත් සුබසාධන කටයුතු කඩිනමින් සැලැසීමටත් මෙසේ කටයුතු කෙරිනි. ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් රණවිරුවන් දෙදෙනෙක් සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායට අයත් රණවිරුවෙක් මෙසේ හදිසි අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ අතර, ඔවුන් පදිංචි ඒඒ ප්‍රදේශවල දී හමුදා ගෞරවාචාර මැද අවසන් කටයුතු අදාල නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සිකුරාදා (06) දින සිදු කෙරේ. කෝප්‍රල් අයි.එම්.ආර් පුෂ්පකුමාර (4 ශ්‍රීලපාහ) මහව, කෝන්වැව, ඉහළගම පදිංචි දෙදරු පියෙකි. ලාන්ස් කෝප්‍රල් පී.ජී.ඒ බණ්ඩාර (1 ශ්‍රීලපාහ) මාවතගම, ඉඟුරුවත්ත, දුනුකේවත්ත ප්‍රදේශයේ පදිංචි අතර, ලාන්ස් කෝප්‍රල් ජී.එච් නානායක්කාර (4 ශ්‍රීලපොහේබ) ගාල්ල, දංගෙදර, බැද්දේවත්ත පදිංචි අයෙකි. ඔවුන් තිදෙනා සමඟින් තවත් සෙබලු සිවු දෙනෙක් බූස්ස යුද හමුදා කඳවුරේ සිට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අම්බලන්ගොඩ පෞද්ගලික රියදුරු පාසලකින් පුහුණුව ලබමින් සිටිය දී ගිංතොට ප්‍රදේශයේ දී රියදුරු අසුන මාරු කර ගැනීමට තමන් පුහුණුවන වාහනය නතර කොට බිමට බට අවස්ථාවේ කඩා වැටුනු අධිබල විදුලි රැහැනකට හසුවූහ. විදුලිසැර වැදී කම්පන තත්වයට පත්ව මෙන්ම තුවාල ලැබූ අනෙකුත් සෙබලු රෝහල්ගත කෙරිනි. මහව, ඉහළගම සුසාන භූමිය, දුනුකේවත්ත සුසාන භූමිය සහ දංගෙදර, මහවත්ත සුසාන භූමිය යන සුසාන භූමිවල දී හමුදා ගෞරව සහිතව මිය ගිය විරුවන්ගේ අවසන් කටයුතු සිකුරාදා (06) දින සිදු කෙරේ. (නිමාව)
affiliate tracking url
|
Nike