Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2015 18:37:42 Hours

14 වන ශ්‍රී ලංකා පාබල හමුදා සෙබලුන් ආපදා කළමණාකරණය පිළිබඳව දැනුවත් කරයි

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 14 වන සේනාංක සෙබලුන් සඳහා ආපදා කළමණාකරනය සහ මුදවා ගැනීමේ සහන රාජකාරී පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රථම වැඩමුළුව අත්තිඩිය 14 වන සේනාංක ශ්‍රවණාගාරයේ දී පැවැත්වු අතර, ඒ සඳහා 14 වන (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිළධාරීන් 16 දෙනෙකු සමගින් සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ආකාරය, සහන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරිම, ආපදාවට ලක්වූවන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම, විනාශකාරි තත්වයන් තුල ක්‍රියාත්මක වන ආකාරය ආදිය පිළිබඳ මෙම වැඩමුළුව තුල දී දැනුවත් කරනු ලැබීය. Best Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos