Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2015 18:32:38 Hours

ත්‍රිකුණාමලය අඩු ආදායම්ලාභී පවුල් සඳහා කිරි ගවයන් බෙදා දෙයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 221 බලසේනාවේ සෙබලුන් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා කිරි ගවයන් 107 දෙනෙකු බ්‍රහස්පතින්දා (27) දින 2 වන ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී බෙදා දෙනු ලැබීය. මෙම සත්කාර්ය සඳහා මුල්‍යමය දායකත්වය බෝධිරාජ පදනමේ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ලබා දී ඇත. 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.කේ.ඩී පෙරේරාගේ සෘජු අධීක්ෂණයෙන් සංවිධානය කරනු ලැබූ මෙම අවස්ථාවට බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙන්ම කතෝලික සහ ඉස්ලාමීය පූජකතුමන් ද සහභාගි වූහ. මෙම අවස්ථාව සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සමගින් 22 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.Sports Shoes | Air Jordan Release Dates 2020