Header

Sri Lanka Army

Defender of the Nation

04th November 2015 14:28:24 Hours

විජයබාහු රෙජිමේන්තුවේ නව මධ්‍යස්ථාන සේනාවිධායක රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් ඩබ්.එස් ආරියසිංහ පසුගිය ඔක්තෝබර් 22 වන දින විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මධ්‍යයේ රාජකාරි ඇරඹීය. විජයබාහු සෙබලුන් නව මධ්‍යස්ථාන සේනාවිධායකවරයා වෙත සම්මාන මුරයක් ද පිරිනැමූ අතර, එම රෙජිමේන්තුවේ මිය ගිය රණවිරුවන් සැමරීම සඳහා ඒ වෙනුවෙන් ඉදි කොට ඇති රණවිරු ස්මාරකය වෙත ගොස් උපහාර ද දැක්වීය. අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ අදාල ලිපිලේඛණවලට අත්සන් තබමින් රාජකාරි භාර ගත්තේය. එමෙන්ම සෙබලුන් ඇමතීම, පැලයක් රෝපණය කිරීම සහ සියලු නිලයින් සඳහා පැවති තේ පැන් සංග්‍රහයට සහභාගිවීම ද නව මධ්‍යස්ථාන සේනාවිධායකවරයාගේ එදින වැඩසටහනට ඇතුලත් විය.latest Nike release | Nike sneakers