Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2015 19:07:56 Hours

තෘප්තිමත් හමුදා ජීවිතයක් මැයෙන් තවත් වැඩමුළුවක් මුතිව්හි දී

යුද හමුදා සාමාජිකයන් තුල යහපත් මානසික තත්වයක් ඇති කරලීමේ අදිටනින් පවත්වනු ලැබූ තෘප්තිමත් හමුදා ජීවිතයක් පිළිබඳව වැඩමුළුව මනෝවිද්‍යාත්මක මෙහෙයම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී ඔක්තෝබර් මස 27, 28 සහ 29 යන දිනයන්හි දී පවත්වනු ලැබීය. පනාගොඩ යුද හමුදා රෝහලේ අණදෙන නිළධාරී කර්නල් ආර්.එම්.එම් මොනරාගල ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙහි දේශන පැවැත් වූ අතර, යුද හමුදා මෙන්ම සිවිල් ජීවිතය ද කළමණාකරනය කර ගනිමින් ගැටළුවකින් තොරව සාර්ථක ජීවිතයක් සඳහා ඇති මාර්ග සහ සිවිල් සබඳතා මෙන්ම සමාජ ප්‍රශ්ණ පිළිබඳව පුළුල් විග්‍රහයක් කරනු ලැබීය. මෙම වැඩමුළුව අවසානයේ සහතිකපත් ද ප්‍රදානය කරනු ලැබීය.latest Nike release | Nike