Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2015 15:05:08 Hours

නව කිලිනොච්චි ආඥාපති සේනාංක හා බලසේනාවල සෙබලුන් හමුවේ

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරි භාරගැනිමෙන් අනතුරුව සිය පළමු සංචාරය ක්‍රියාත්මක කරමින් පසුගිය බ්‍රහස්පතින්දා (29) දින 65 වන සේනාංකයේ මෙන්ම තවත් බලසේනා කිහිපයක සංචාරය කරන ලදි. එහි දි 65 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මේජර් ජෙනරාල් කරුණාසේකර පිළිගත් අතර, හමුදා සම්ප්‍රදායානුකූලව එම සෙබලුන් විසින් නව ආඥාපතිතුමා වෙත සම්මාන මුරයක් ද පිරිනැමිය. ඉන්පසුව, සෙබලුන් ඇමතීම, 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ඉදිරිපත් කිරීම් සහ පැළයක් රෝපණය කිරීම මෙහි දි සිදු වූ අතර, ආඥාපතිතුමා විසින් අමුත්තන් සඳහා වූ ග්‍රන්තයෙහි ද අත්සන් තබන ලදි. එදිනම මේජර් ජෙනරාල් කරුණාසේකර 651, 652 සහ 653 බලසේනාවල ද සංචාරය කලහ. එහි දි ද ආඥාපතිතුමා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔවුන්ගේ වගකිම් හා කාර්ය භාරයන් පිළිබඳව පැහැදිලි කරන ලදි. මෙම සංචාරය අතරතුර දී සංචාරක කිලිනොච්චි ආඥාපතිතුමන් වෙත සිවිල් හමුදා කටයුතු පිළිබඳව සහ අදාළ සේනාංක විසින් සිදු කර ඇති අනෙකුත් ව්‍යාපෘති පිළිබඳව ද පැහැදිලි කරන ලදි.Asics footwear | Nike