Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
02nd November 2015 14:06:40 Hours
ශ්‍රී ලංකාවේ පළමු රත් හඳුන් උයන යුද හමුදාව විසින් ආරම්භ කරයි
පාරිසරික අමාත්‍යාංශයේ හරිත ගම්මානය සංකල්පය අනුව ජාතික ‘වන රෝපා’ වැඩසටහනට සමගාමිව යුද හමුදාපතිතුමාගේ අනුමැතිය මත දඹුල්ලේ පිහිටි 53 වන සේනාංකයේ සෙබලුන් විසින් යුද හමුදාවේ පළමු වරට රත් හඳුන් පැළ වගා කිරීම ආරම්භ කරන ලදි. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දින දඹුල්ල 53 වන සේනාංක පරිශ්‍රයේ අක්කර 2.5 ක භූමි ප්‍රමාණයක ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රත් හඳුන් පැළ 500 ක් රෝපණය කරන ලද අතර, එම උත්සව අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.කේ.ජි.කේ. නෑම්මවත්ත මහතා, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ටී.ආර්. වර්ණ ශ්‍රී ධනපාල මහතා, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ප්‍රවර්ධන ගාමිණි විජේසිංහ මහතා, පරිසර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එන්.ඩි. වික්‍රමාරච්චි මහතා, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස් මෙන්ම 53 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගි වූහ. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ‘වන රෝපා’ ව්‍යාපෘතියට සමගාමිව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙම රත් හඳුන් උයන ආරම්භ කරන ලදි. (Pteroconrpus Santalinus) යන උද්භිත නාමයෙන් හඳුන්වනු ලබන රත් හඳුන් ශාකය උසින් මිටර් 7 - 8 ක් පමණ වන අතර, දේශීය වෛද්‍ය කේෂ්ත්‍රය තුළ වැදගත් ඔසුවක් ලෙස මෙම ශාකය භාවිතා කෙරෙයි. එමෙන්ම, සර්පයින් දෂ්ඨ කිරීමේ, රෙදි ආශ්‍රිතව ඇතිවන ආසාදනවල දී ප්‍රතිකාර කිරීමටත්, ඇඳුම් වර්ණ ගැන්වීමට මෙන්ම සබන් නිෂ්පාදනයේ දී ද සමෙහි රුව වඩවන ඔසුවක් ලෙස ද රත් සඳුන් භාවිතා කෙරෙයි. මෙම රත් හඳුන් පැළ 500 මඟින් වසර 25 ක් තුළ රත් හඳුන් කිලෝග්‍රෑම් 250,000 ක් ලබා ගත හැකි වන අතර, එමඟින් රුපියල් මිලියන 875 ක පමණ ආදායමක් ලැබේ. ශ්‍රී ලංකාව හා තවත් බොහෝ රටවල් ඉන්දියාවෙන් අවශ්‍යතා සඳහා ඉතා ඉහළ මිල ගණන් යටතේ රත් හඳුන් කුඩු ගෙන්වා ගනු ලබයි. මෙම උත්සවය සඳහා පැමිණි සියලු ආරාධිතයන් සුභ මොහොතින් රුක් රෝපණය සඳහා එක් විය.
best Running shoes brand
|
Nike for Men