Header

Sri Lanka Army

Defender of the Nation

30th October 2015 13:54:37 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ 72 වන සංවත්සරයට විවිධ වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකා සංඥා බලකායේ 72 වන සංවත්සරය වෙනුවෙන් එහි බලකාධිපති මේජර් ජෙනරාල් රේණුක රොවෙල්ගේ මඟපෙන්වීම මත පසුගිය 17 සිට 21 දක්වා පනාගොඩ පිහිටි එම බලකා මූලස්ථානයේ දී විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව ඔක්තෝබර් 17 දින පනාගොඩ, සංඥා බලකා රණවිරු ස්මාරකය අභියස දී දේශය වෙනුවෙන් සිය දිවි පුද කළ එම බලකා විරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දැක් වූ අතර, මෙම අවස්ථාවට මේජර් ජෙනරාල් රේණුක රොවෙල්, සේවයේ නියුතු හා විශ්‍රාමික නිලධාරීන් මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ද එක්ව සිටියහ. එදින පස්වරුවේ සේවයේ යෙදී සිටින නිලධාරින් සහ සෙසු නිලයින්ට ආශිර්වාද ලබාදීම පිණිසත් දිවි පිදූ විරුවන්ට පිං පැමිණවිමත් උදෙසා සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පැවැත් වූ අතර, පසුදින (18) උදෑසන ස්වාමින් වහන්සේලා 72 නමක් වඩම්මවා පැවැත් වූ දානමය පිංකමින් අනතුරුව ආගමික වැඩසටහන් අවසන් විය. එමෙන්ම, ඔක්තොම්බර් 19 දින මේජර් ජෙනරාල් රේණුක රොවෙල් වෙත සංඥා බලකා සෙබලුන් විසින් සම්මාන මුරයක් හා ආචාර සම්මාන පෙළපාලියක් ද පිරිනමනු ලැබිය. ඉන් අනතුරුව, සංඥා බලකා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහ බලඇණි වෙත උපහාර පිරිනමමින් අගය කරන ලදි. මෙම සංවත්සර වැඩසටහනට සමගාමිව 19 සහ 21 යන දිනයන්හි සංඥා බලකා නිලධාරින් මෙන්ම බලලත් නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් නිලධාරි නිවස්නයේ දී සහ බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ දී වෙන්වෙන් වශයෙන් රාත්‍රිභෝජන සංග්‍රහයන් දෙකක් පවත්වනු ලැබිය. මෙම රාත්‍රි භෝජන සංග්‍රහයේ දී මේජර් ජෙනරාල් රොවෙල් සෙබලුන් ඇමතු අතර, නව තාක්ෂණික විප්ලවයත් සමඟ සන්නිවේදන ක්ෂේත්‍රය වේගයෙන් වෙනස්වීම පිළිබඳව ද අවධාරනය කරන ලදි.Sportswear free shipping | Air Jordan