Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
28th October 2015 15:08:37 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ ආදි විරුවන් වෙත උපහාර පිණිස ජනාධිපති සහ ඒකක වර්ණ පිරිනැමිම
ශ්‍රී ලංකා යුද හමුදාවේ පැරණිතම ඒකකයක් වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ වසර 134ක කාලයක් විශිෂ්ට සේවාවක් සිදුකර ඇති 1 වන නිත්‍ය බලඇණිය සහ 2 වන ස්වේච්ඡා බලඇණිය වෙත පිරිනමා ඇති ජනාධිපති වර්ණ හා ඒකක වර්ණ වසර 37 කට පසු හරණය කොට වර්ණ පුනර්ප්‍රදානය සඳුදා (26) දින පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිගේ ආරාධනයෙන් මෙම වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයට සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු රණවිරු ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. රෙජිමේන්තුවක් වෙත පිරිනමන ඉහළ සම්මානය ලෙස සැලකෙන මෙම වර්ණ ප්‍රදානය කිරිමේ උත්සව අවස්ථාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ජි.පි. බුලත්සිංහල, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම ජනාධිපතිතුමන් පිළිවෙලින් පැමිණිමට ප්‍රථම පෙළපාලිය සරඹ භූමිය වෙත ස්ථානගත කරන ලදි. වර්ණ ආරක්ෂක ඛණ්ඩය සඳහා තුර්යවාදක සංඥාව නිකුත් කිරීම, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් විසින් පැරණි වර්ණ වර්ණ ඔසවන නිලධාරීන් වෙත භාරදීම, වර්ණ ආරක්ෂක ඛණ්ඩය උත්තමාචාරය පුද කිරීම ආදිය සිදු කරමින් හමුදා සම්ප්‍රදායානුකූලව වේදිකාව සකස්කළ අතර, මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් පැමිණ සිටියහ. මෙහි පැමිණි ජනාධිපතිතුමන් වෙත උත්තමාචාර පිරිණැමීමෙන් අනතුරුව පෙළපාලියේ අණදෙන්නා විසින් රපෝර්තු කරන ලද අතර, පසුව ආශිර්වාද පතා කෝට්ටේ ශ්‍රී කල්‍යානි ධර්ම ශ්‍රී සමග්‍රි සංඝ සභාවේ පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක තෙරුන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් බෞද්ධ ආගමික වතාවත් ද, කතෝලික, ඉස්ලාම්, හින්දු ආගමික පූජකයින් විසින් එම ආගමික වතාවත් ද සිදු කරන ලදි. ඉන්පසු ලෝක හමුදා ඉතිහාසයේ නම් දැරූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 1 වන සහ 2 වන බලඇණි වෙත වර්ණ ප්‍රදානය සහ පුනර්ප්‍රදානය සිදු කෙරිණ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රකාශය සිදු කිරීමෙන් අනතුරුව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි.ඒ. කරුණාසේකර සහ 1 වන හා 2 වන පාබල බලඇණි අණදෙන නිලධාරීන් විසින් මෙම වර්ණ සුරකින බවට ප්‍රතිඥාවක් ලබාදෙන ලදී. ඉන්පසුව නව වර්ණ සඳහා පෙළපාලිය විසින් උත්තමාචාර පුද කරන ලද අතර එවිට සියලුදෙනා ආසන වලින් නැගී සිට සිය උත්තමාචාරය පුද කළහ. අනතුරුව ජනාධිපතිතුමන් උත්සව සභාව අමතන ලදි. ‘සේවය කරමි’ ආදර්ශ පාඨය තේමා කරගත් ලංකා පාබල හමුදාව 1881 අප්‍රේල් 01 වන දින එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා විසින් ආරම්භ කළ අතර, 1900 වර්ෂයේ දී ලංකා පාබල හමුදාවේ භට පිරිස් දකුණු අප්‍රිකාවේ බෝයර් යුද්ධයේදී බ්‍රිතාන්‍යයට සහය දක්වන ලදි. 1949 ඔක්තෝම්බර් 10 දින ලංකා යුද හමුදාව ආරම්භයත් සමඟ ලංකා යුද හමුදාවේ නිත්‍ය බලඇණියක් ලෙස 1 වන ලංකා පාබල හමුදා බලඇණිය නැවත නම් කරන ලදි. පසුව වේල්ස්හි කුමරු වන ඇල්බට් එඩ්වඩ් කුමරු ලංකා පාබල රෙජිමේන්තුවේ ප්‍රථම රෙජිමේන්තු අධිපති බවට පත් වූ අතර, 1751 වසරේ දී බ්‍රිතාන්‍ය පාබල බලඇණි වෙත වර්ණ ප්‍රදානය කිරිමත් සමඟ වර්ණ ප්‍රදානය ආරම්භ වි ඇත. ලංකා පාබල හමුදාව 1 වන සහ 2 වන ලෝක යුද්ධ සඳහා සහභාගි වී රටට මහත් ආඩම්බරයක් ගෙන එනු ලැබීය. 1954 අප්‍රේල් මස 21 වන දින ගාලු මුවදොර දී පැවති උත්කර්ෂවත් පෙළපාලියේ දී දෙවන එලිසබත් රැජින වෙතින් ලංකා පාබල හමුදාවේ 1 බලඇණිය රැජින වර්ණ හා රෙජිමේන්තු වර්ණ ද හිමි කර ගන්නා ලදි. එමෙන්ම 1978 වර්ෂයේ දී එවකට අතිගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් 1 වන ශ්‍රී ලංකා පාබල බලඇණි සහ 2 වන ශ්‍රී ලංකා පාබල බලඇණිය වෙත ජනාධිපති වර්ණ සහ ඒකක වර්ණ ප්‍රදානය කෙරින.
spy offers
|
SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5