Header

Sri Lanka Army

Defender of the Nation

26th October 2015 14:18:37 Hours

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයත් යුද හමුදා දිනය සමරයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් යුද හමුදා 66 වන සංවත්සරය නිමිත්තෙන් ඔක්තෝම්බර් 9 සහ 10 යන දිනයන්හි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. එහි එක් අදියරක් ලෙස වව්නියාව ආයුර්වේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලදි. එමෙන්ම සිකුරාදා (09) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී ආශිර්වාද බෝධි පූජාවක්, වව්නියාව කතෝලික පල්ලියේ දී විශේෂ පූජාවක්, වව්නියාව මුස්ලිම් පල්ලියේ දී ඉස්ලාම් ආගමික වතාවන් මෙන්ම මුන්ඩිමුරුප්පු හින්දු කෝවිලේ දී හින්දු ආගමික පූජාවක් ද පවත්වන ලදි. තව ද සෙනසුරාදා (10) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී යුද හමුදා ධජය ඔසවා වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජී.ඩබ්.ඩී.කේ. ජයතිලක විසින් පැළයක් ද රෝපණය කරන ලදි. ඉන්පසු බ්‍රිගේඩියර් ජී.ඩබ්.ඩී.කේ. ජයතිලක වන්නි යුද හමුදා රෝහලේ සංචාරයක නිරත වූ අතරම, එම රෝගීන් වෙත ත්‍යාග පාර්සල් ද ලබා දෙන ලදි. latest Running | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ