Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
23rd October 2015 17:56:31 Hours
රාගම රණවිරු සෙවණේ තවත් විරුවෙක් නව දිවි අරඹයි
යුද්ධයේ දී ආබාධිත තත්වයට පත්ව රාගම රණවිරු සෙවණේ නේවාසිකව සිටින තවත් එක් රණවිරුවෙක් වන 6 වන ගජබා රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ඩබ්.එන් චාමර සිය සිහින කුමරිය සමඟ අතිනත ගැනීමේ උත්කර්ෂවත් අවස්ථාව බදාදා (21) වන දින සිදු කෙරුනේ මෙයට පෙර අවස්ථා 03 ක දී මෙවන් ආබාධිත රණවිරුවන් තිදෙනෙකුට ද විවාහප්‍රාප්තවීමට ඉඩහසර සකස් කොට දුන් රාගම රණවිරු සෙවණේ සහ ගම්පහ “සියනෑවේ අපි” වෙළඳ ප්‍රජාවේ අනුග්‍රහය ඇතිවයි. මෙම අවස්ථාවට තවත් වැදගත්කමක් එක් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එක් වූ අතර, මනමාල පාර්ශවය නියෝජනය කරමින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද ඊට එක්වූහ. සාමය ස්ථාපිත කිරීමට ඇරඹි අවසන් මෙහෙයුමේ දී මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල තුල සතුරන් සමඟ දැඩි සටනක නිරත වන අවස්ථාවේ එල්ල වූ දරුණු සතුරු ප්‍රහාරයකින් 2008 ඔක්තෝබර් 23 වන දින සිදු වූ දැඩි තුවාල හේතුවෙන් කෝප්‍රල් චාමරගේ දකුණු පාදය දණහිස අසලින් ඉවත් කිරීමට සිදු විය. කෙසේවුවද රටේ ඒකියභාවය වෙනුවෙන් ක්‍රියා කිරීමේ දී ජීවිතයේ සිදු වූ මෙම දරුණු සිදුවීමෙන් නොසැලුනු ඔහු තවදුරටත් ජීවිතය ජයගැනීමට අදිටන් කොට ගනිමින් රාගම රණවිරු සෙවණේ දී පුනරුත්ථාපනය වෙමින් සහ තවදුරටත් රටට තම සේවය සපයමින් සිටිති. රාගම රණවිරු සෙවණේ බලධාරිත්වය මෙම විවාහ මංගල්‍යයේ කටයුතු සඳහා සම්බන්ධ වෙමින් මෙම විවාහයේ සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කිරීමට යුද්ධ හමුදාපතිතුමාට ඇරයුම් කොට එය මනාව සංවිධානය කරනු ලැබීය. සළුපිළිවලින් අලංකාරවත් ලෙස සැරසී සියල්ලන්ගේම සුබපැතුම් මැද නව දිවි ඇරඹිමට විවාහය සඳහා අවැසි සියලු පහසුකම් චාමර සහ මාලිනි වෙනුවෙන් ගම්පහ කැනන් බෝල් උත්සව ශාලාවේ දී සකස් කොට තිබුණි. රට වෙනුවෙන් මිල කළ නොහැකි සේවයක් කළ මෙම රණවිරුවාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් “සියනෑවේ අපි” සංවිධානය විසින් මේ සඳහා මංගල ඇඳුම්, මංගල රථය, ආහාරපාන සහ සංගීත කණ්ඩායමක් ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබුණි. ‘ආදරය සියල්ල ජය ගනී’ යන්න සනාථ කරමින් සිංහල සම්ප්‍රදායානුකූලව විවාහ දිවියට පත් මෙම යුවලගේ මනමාල මහතා වෙනුවෙන් සාක්ෂි සඳහා අත්සන් කළ යුද්ධ හමුදාපතිතුමා ඔවුනට සිය හද පිරි සුබපැතුම් එක් කළේය. යුද්ධ හමුදාපතිතුමා නව යුවතිපතීන්ට යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට සහ සුබ අනාගතයකට සිය සුබ පැතුම් පිරිනැමීය. මෙයට පෙර මෙලෙස විවාහ දිවියට පත් ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙක් සහ ඔවුන්ගේ පවුලේ පිරිස සමඟ ද යුද්ධ හමුදාපතිතුමා කතාබහ කළේය. ගජබා රෙජිමේන්තුවේ සේනාවිධායක සහ පාබල අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.ඩබ්.එල් දවුලගල ද මෙම අවස්ථාවට එක් වූවේය.
Running Sneakers Store
|
Nike Running