09th June 2025 16:33:33 Hours
නවතමයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිලධාරි නිවස්නය එම බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ ප්‍රදානත්වයෙන් මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ 2025 ජුනි මස 5 දින විවෘත කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ අධීක්‍ෂණය යටතේ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් මෙම නිලධාරි නිවස්නය ඉදිකරනු ලැබීය..
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගි වූහ.