07th June 2025 19:32:05 Hours
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ සහ අධ්‍යයන හා සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී ඉන්දු-ලංකා මිත්‍රත්ව පුස්ථකාලය 2025 ජුනි මස 06 වන විවෘත කළේය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං මහතා සහභාගි විය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ පැමිණිමත් සමඟ උත්සයේ කටයුතු ආරම්භ විය. විද්‍යාපීඨ පරිශ්‍රය වෙත පැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලද අතර, පසුව එතුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලද අතර, පසුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් විද්‍යාපීඨ පරිශ්‍රය තුල සංකේතාත්මකව පැළයක් රෝපණය කරන ලදී. ඉන්පසුව, නවතමයෙන් ඉදිකරන ලද අශ්ව ප්‍රතිමාව නිල වශයෙන් නිරාවරණය කිරීම සිදු විය. උත්සව අවස්ථාව අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූහ. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් අමුත්තන්ගේ සමරු පොතහි සටහනක්ද තැබූ අතර කෙටි සැමරුම් උත්සවයකට ද සහභාගි විය.
ඉන් අනතුරුව, ඉන්දු-ලංකා මිත්‍රත්ව පුස්ථකාලය විවෘත කිරීම සිදු වූ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. සම්භාවනීය අමුත්තන් විසින් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර, පසුව එතුමන් කෙඩෙට් නිලධාරීන්ගේ අධ්‍යයන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් කරගත් ආරම්භ කරනු ලැබූ පුස්ථකාල අංශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහ සහභාගී වූ සම්භාවනීය අමුත්තන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවූ අතර, එහිදී කෙඩෙට් නිලධාරින් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය. උත්සවයේ කටයුතු අවසන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් පැළ සිටුවීමේ උත්සවයක් සඳහා සහභාගී වී විද්‍යාපීඨ පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.