06th June 2025 13:12:46 Hours
ඉන්දු - ශ්‍රී ලංකා ආරක්‍ෂක සංවාදය ජුනි මස 05 දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා දූත පිරිස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සංවාදය සඳහා ඉන්දීය ආරක්‍ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං ප්‍රමුඛ දූත පිරිසක් සහභාගි වූහ.
ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම, සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ පුහුණුවීම් මෙන්ම උපායමාර්ගික කටයුතු යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීම වෙනුවෙන් නව මාර්ගයන් හඳුනාගැනීම වැනි අන්‍යොන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම සංවාදයෙහි විශේෂ අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය යළිත් තහවුරු කරමින් දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම ආරක්‍ෂක සංවාදය සඳහා සහභාගි වූහ.
ආරක්‍ෂක සංවාදයට සමගාමිව ඉන්දීය ආරක්‍ෂක ලේකම්වරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද හමුවිය.
(අනුග්‍රාහකත්වය: www.defence.lk)