Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2025 15:10:04 Hours

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය USP ndc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජූනි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1990 ජනවාරි මස 09 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය USP ndc දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජුනි මස 15 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මැයි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජුනි මස 13 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් ධූරය හෙබවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 1 සහ 3 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායන්හි ඛණ්ඩභාර නිලධාරි, 3 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සැබ්‍රේ බලඝණයේ දෙවන අණදෙන නිලධාරි සහ නිලධාරි අණදෙන, 3 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ තාක්‍ෂණික විධායක අධිකාරි, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි අණදෙන (පාලන), 5 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලස්ථාන බලඇණියේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි අංශයේ නිලධාරි උපදේශක සහ නිලධාරි අණදෙන, 6 වන (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලස්ථාන බලඝණයේ නිලධාරි අණදෙන, 8 වන (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන අණදෙන නිලධාරි, 1 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ වැඩබලන අණදෙන නිලධාරි සහ දෙවන අණදෙන නිලධාරි, 8 වන (ආධාරක) සහ 5 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායන්හි අණදෙන නිලධාරි වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

එමෙන්ම, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ කණ්ඩායම් භාර නිලධාරි සහ අණදෙන නිලධාරි, ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ජාතික ආරක්‍ෂාව සඳහා වූ මාධ්‍ය කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 511 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, 22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ සහ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරාල්, 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් යන ප්‍රධාන ධූරයන් ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසික් හොබවන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය සේවා කාලය තුළ දැක්වූ සුවිශේෂී, කීර්තිමත් සහ පක්‍ෂපාතී සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය USP ndc විසින් සිය හමුදා දිවිය තුළදී, තරුණ නිලධාරි පාඨමාලාව, දෙවන අණදෙන නිලධාරින්ගේ පුණරීක්‍ෂණ පාඨමාලාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය වෙතින් පවත්වනු ලබන විධායක තොරතුරු පද්ධති සහතිකපත්‍ර විශේෂ පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, නීතිය සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ පාඨමාලාව, ඒකක අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ නිලධාරි පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ පුහුණුකරුවන්ගේ පාඨමාලාව සහ ජාතික ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව වැනි දේශීය පාඨමාලාවන් රැසක් හදාරන ලදී.

එසේම, සන්නද්ධ රථ රියදුරු උපදේශක නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, සංග්‍රාමික ඛණ්ඩ අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, සන්නාහ සන්නද්ධ තරුණ නිලධාරි පාඨමාලාව - පාකිස්ථානය සහ සංග්‍රාමික කණ්ඩායම් අණදෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව යන විදෙස් පාඨමාලාවන් ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් හදාරන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙතින් ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳව විද්‍යාවේදී උපාධියක් ද ලබාගන්නා ලදී.

මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය USP ndc, වර්ෂ 2005 දී ඉන්දියාවේ යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විදේශ අධ්‍යයන චාරිකාව ඇතුළු අධ්‍යයන චාරිකා කිහිපයකට සහභාගි වී ඇත. එමෙන්ම, වර්ෂ 2008 දී චෙක් ජනරජයේ සන්නද්ධ රථ පරීක්‍ෂාව, වර්ෂ 2018 දී ශ්‍රී ලංකාවේ පැවති South Asia Regional Civil Affairs Subject Matter Expert Exchange (Virtual), වර්ෂ 2021 දී එක්සත් රාජධානියේ ආරක්‍ෂක විද්‍යාපීඨයේ Managing Defence in the Wider Security Context (Virtual) පුහුණු වැඩසටහන සහ වර්ෂ 2024 චීනයේ පැවති Blue Economy Disaster Prevention and Mitigation Cooperation for Indian Ocean Rim Countries සම්මන්ත්‍රණය සඳහා සහභාගි විය.