Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2025 13:10:53 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුනි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1990 සැප්තැම්බර් මස 07 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 2 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 මාර්තු මස 13 දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 දෙසැම්බර් මස 27 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජුනි මස 14 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවිය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP සිය හමුදා දිවිය තුළදී, 4 කාරක රෙජිමේන්තුව සහ 7 සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකකයන්හි ඛණ්ඩභාර නිලධාරි, 8 මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ 27 වන බතරොයියේ බතරොයි කපිතන්, 8 මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ බුද්ධි නිලධාරි, 8 මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ 26 වන බතරොයියේ සහ 27 වන බතරොයියේ බතරොයි කපිතන්, 10 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ 30 වන බතරොයියේ බතරොයි කපිතන්, 10 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ විධායක අධිකාරි, 10 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ 32 වන බතරොයියේ සහ 103 වන බතරොයියේ බතරොයි අණදෙන, කාලතුවක්කු පුුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරි II, 4 කාරක රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ මූලස්ථාන බතරොයියේ බතරොයි අණදෙන, 4 කාරක රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, 22 පාබල සේනාංකයේ සහ 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා) වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

එමෙන්ම, 7 සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), 51 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), සුහුරුපායේ ආරක්‍ෂක හා පාලන නිලධාරි, 54 හා 22 පාබල සේනාංකයන්හි කර්නල් (ප්‍රධාන මාණ්ඩලික),593 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා මූලික රෝහල - මහනුවර කළමණාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලික රෝහල - මහනුවර කළමණාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් ද එතුමන් විසින් හොබවන ලදී.

මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණවික්‍රම පදක්කමෙන් සහ රණ ශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය වෘත්තීය දිවිය තුළදී, තරුණ නිලධාරි මූලික පාඨමාලාව, ඛණ්ඩභාර නිලධාරින්ගේ උපක්‍රමික පාඨමාලාව (අදියර II), ඛණ්ඩභාර නිලධාරින්ගේ පාඨමාලාව (අදියර III), මූලික බුද්ධි සහ ආරක්‍ෂක පාඨමාලාව, ඒකක ගිණුම් නිලධාරි පාඨමාලාව, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව, කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව, උසස් කාලතුවක්කු නිලධාරි පුහුණු පාඨමාලාව, කාලතුවක්කු තරුණ නිලධාරින්ගේ ක්ෂේත්‍ර පුහුණු පාඨමාලාව - ඉන්දියාව, කාලතුවක්කු උපදේශක පාඨමාලාව - චීනය, උසස් කාලතුවක්කු පුහුණු පාඨමාලාව - ඉන්දියාව, කාලතුවක්කු කපිතන්වරුන්ගේ වෘත්තීය පුහුණු පාඨමාලාව - ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රජාව පදනම් කරගත් ආපදා අනතුරු කලමනාකරණය සඳහා ස්ත්‍රි පුරුෂ භාවය පදනම් වු පාඨමාලාව - කෙන්යාව සහ ගුවන් ආරක්‍ෂක හමුදා බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හදාරන ලදී.