05th June 2025 13:40:50 Hours
බෝ නොවන රෝග වැළැක්වීම සහ පෙරතියා හඳුනාගැනීම පිළිබඳව අවධානය යොමුකරමින් ‘නිරෝගිමත් දැයක් නිරෝගිමත් හමුදාවක්’ යන තේමාව ඔස්සේ කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී 2025 ජුනි මස 02 දින විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල RWP RSP ndc psc ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී, තරුණ හමුදා නිලධාරින් අතර බෝ නොවන රෝග පැතිරීමේ ප්‍රවණතාවයක් පවතින අතර, එමඟින් රාජකාරි කාර්යක්‍ෂමතාවයට සිදුවන බලපෑම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එසේම බෝ නොවන රෝග පැතිරීම වළක්වාගැනීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමුකරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ වෛද්‍යවරුන් පිරිසක් සහභාගි වූහ.