04th June 2025 11:24:42 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව 2025 මැයි මස 28 දින බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ප්‍රථම නිල සංචාරයේ නිරතවෙමින් එම විද්‍යාලයේ කළමණාකරන මණ්ඩල රැස්වීම සඳහා සහභාගි විය.
එම විද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc, නියෝජ්‍ය සේනාවිධායක සහ ප්‍රධාන උපදේශක විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් කළමණාකරන මණ්ඩල සාකච්ඡාව පැවැත්විණි.
මෙම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදා යුද විද්‍යාල කාර්යය මණ්ඩලය ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන පුහුණුව, පරිපාලනය සහ භඨකාර්ය සම්පාදනය පිළිබඳව සිය අදහස් දැක්වූ අතර එම විද්‍යාලයේ මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ද ලබාදෙනු ලැබීය. පසුව, එම විද්‍යාලයේ පවතින යටිතල පහසුකම් පිළිබඳව සොයාබැලූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි තවදුරටත් සිදුකළයුතු වැඩිදියුණු කිරීම් පිළිබඳව ද උපදෙස් ලබාදෙනු ලැබීය.
පසුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන එම විද්‍යාලයේ සිදුකෙරෙන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 14, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක 33 සහ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක 29 යන පාඨමාලාවන් හදාරන ශිෂ්‍ය නිලධාරින් සමඟ අදහස් හුවමාරු කරගනු ලැබීය. එම විද්‍යාල ශ්‍රවණාගාරයේදී භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් ඔවුන්ට අවැසි අවබෝධය සහ දිරිගැන්වීම් ලබාදුන්නේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි.