Header

Sri Lanka Army

Defender of the Nation

04th June 2025 11:22:53 Hours

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන 4 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 ජුනි මස 02 දින 4 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එච්.පී.යූ දසනායක USP විසින් එම ඒකකයේ රාජකාරි ස්වභාවය සහ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී. පසුව, සමූහ ඡායාරූපයක් සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහභාගි විය.

අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන එහිදී, මත්ද්‍රව්‍ය භාවිතය සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම සඳහා සියලු නිලයන් දිරිමත් කරමින් යුද්ධ හමුදාවක පැවතිය යුතු විනය, වෘත්තීමයභාවය සහ ක්‍රියාන්විත සූදානම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධාරණය කළේය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ රජයේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳව ද එහිදී පෙන්වා දුන්නේය.

සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.