10th May 2025 15:08:02 Hours
පූජනීය කැලණිය රජමහා විහාරස්ථානයේ දී සංවිධානය කරන ලද බත් දන්සල විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්. ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc 2025 මැයි මස 12 දින සහභාගි විය.
වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් කැලණිය රජ මහා විහාරයේ තරුණ සංවිධානය යුද්ධ හමුදා භටපිරිස් සමඟ එක්ව මෙම බත් දන්සල සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන විහාරස්ථානයට පැමිණ ප්‍රථමයෙන් කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් විසින් පවත්වන ලද ආගමික වතාවත්වලට සහභාගි විය. පසුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන විසින් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ දන්සල සංවිධායකයින් සමඟ එක්ව විහාරස්ථානයේ සිටි බැතිමතුන් සඳහා ආහාර බෙදා දෙන ලදී.
ආරක්‍ෂ සේනා ආඥාපති - බටහිර, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සංවිධායක කමිටුවේ සාමාජිකයන් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.