Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2025 10:21:52 Hours

58 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

58 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc එම සේනාංක මූලස්ථානයේදී 2025 අප්‍රේල් මස 18 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් නව සේනාංකාධිපති එම සේනාංකයේ අභිවෘද්ධිය උදෙසා එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිළි කළේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.