Header

Sri Lanka Army

Defender of the Nation

21st April 2025 12:07:13 Hours

12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම යටතේ 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මඩ/කේකේ පෙරියවඩ්ඩුවාන් කන්නගි ප්‍රාථමික විද්‍යාලයේ දී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 21 දින සංවිධානය කරන ලදී. එහිදී එම පාසලේ ඉගෙනුම ලබන ළමුන් 25 දෙනෙකු වෙත රුපියල් 4000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහිත ඇසුරුම් පිරිනමන ලදී.

එසේම, මෙම වැඩසටහනට සමගාමීව පාසලේ නවතමයෙන් ස්ථාපනය කරන ලද ජල සැපයුම් පද්ධතිය 232 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් විවෘත කිරීම සිදුකරන ලදී. ඉන්පසු, පාසලේ කාර්ය මණ්ඩලය සහ දරුදැරියන් වෙත දිවා ආහාරය ද ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය එඩ්වඩ් සහ ක්‍රිස්ටි සමාගමේ ව්‍යාපෘති කළමනාකරු මොහොමඩ් සිද්දික් ෆාතිමා නිරෝෂා මහත්මිය විසින් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, පරිත්‍යාගශීලීන් සහ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම්ද සහභාගි වූහ.