Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2025 16:02:52 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 අප්‍රේල් මස 16 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සිය සුබ පැතුම් එක්කළේය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලැබූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සංකේතාත්මකව මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත පිරිනමන ලදී.