12th April 2025 19:05:03 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවති දෙදින පුහුණු වැඩසටහනේ අවසන් දේශනය 2025 අප්‍රේල් මස 08 දින පැවැත්විණි.
ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායකගේ ප්‍රධානත්වයෙන් 2025 අප්‍රේල් මස 07 දින පැවති වැඩමුළුවේ පළමු සැසියේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ඉතිහාසය පිළිබඳ හැඳින්වෙන කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි. පසුව, අණ හා පාලන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රධාන වශයෙන් පරිපාලන හා පුහුණු අංශයන් පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. අනතුරුව, වර්තමානයේ මතුවෙමින් පවතින ගැටළු පිළිබඳවත් එම ගැටළු සඳහා නීතිමය වශයෙන් සහ ව්‍යවස්ථාදායකයට අදාළව කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී දැනුවත් කෙරිණි.
වැඩමුළුවේ දෙවන සැසිය 2025 අප්‍රේල් මස 08 දින පැවති අතර එහිදී, විෂයානුබද්ධ අන්තර්ගතයන් සමඟ මෙම සැසිය පැවැත්වීය.
දෙදින පුරාවට පැවති සැසිවාරයන් ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පරිපාලන බ්‍රිගේඩියර් බී.ජේ ලේකම්ගේ RSP KSP, කර්නල් නීති බී.සී.කේ ෆර්ඩිනෑන්ඩස් USP සහ කර්නල් පුහුණු කර්නල් ටී.එස්.බී.ආර් ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලැබීය.
මෙම වැඩසටහනේ සියලු සම්බන්ධීකරණ කටයුතු බ්‍රිගේඩියර් එච්.ඒ කීර්තිනාථ RSP KSP psc විසින් සිදුකරන ලදී.
වැඩමුළුවේ සමාප්ති දේශනය පවත්වමින් ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක විසින් වැඩමුළුවේ අරමුණු පිිළිබඳව නැවත පැහැදිළි කළ අතර එහිදී, අනාගත ප්‍රවේශයන් පිළිබඳව ද පැහැදිළි කරන ලදී.
කැපවීම, සහභාගීත්වය සහ ක්‍රියාකාරීත්වය අගයමින්, මෙම වැඩමුළුව සඳහා සහභාගිවූවන්ට ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක විසින් සහතිකපත් ප්‍රදානය කරන ලදී.
සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක (වැඩබලන), ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
මෙම වැඩමුළුවේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාව සහ කාර්ය මණ්ඩලය සහභාගිවූවන්ගේ සහභාගිත්වය හා ඔවුන්ගේ කැපවීම ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකගේ ඇගයීමට ලක් වූ අතර ඉගෙනීම සහ විශිෂ්ඨත්වය අඛණ්ඩව පවත්වාගැනීම වෙනුවෙන් එතුමන්ගේ ප්‍රශංසාව ද පළකළේය.