13th April 2025 19:03:56 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත 2025 අප්‍රේල් මස 09 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.
සංස්කෘතික නර්තන අංගයකින් මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.ආර්.ජේ බණ්ඩාර සහභාගි වීමත් සමඟින් උත්සවය ආරම්භ කෙරිණි.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සම්භාවනීය අමුත්තන් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීය.
කොට්ට පොර, වාසනා මුට්ටි බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරඟය, බනිස් කෑම, බැලූන් පිපිරීම සහ අලියාට ඇස තැබීම ඇතුළු සාම්ප්‍රදායික ක්‍රීඩාවන් සමඟින් මෙම උත්සවය පැවැත්විණි.
මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවයේ සුවිශේෂි අවස්ථාවක් වශයෙන් එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීමේ තරඟය පැවැත්විණි. එම ඉසව් අවසානයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සුහද තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ස්වේච්ඡා බලසේනා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගි වූහ.