Header

Sri Lanka Army

Defender of the Nation

10th April 2025 12:56:25 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2025, සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් පවත්වනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2025’ හි අවසන් මහා තරඟය 2025 මාර්තු මස 28 දින පනාගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සහභාගි විය.

තරඟාවලියේ පිරිමි කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම වෙතින් දිනාගත් අතර අනුශූරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය.

කාන්තා කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා කණ්ඩායම වෙතින් දිනාගත් අතර අනුශූරතාවය දිනාගැනීමට 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සමත්විය.

‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය ඉංජිනේරු සේවා බලකායට හිමි වූ අතර එම කාණ්ඩයේ අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායට හිමිවිය.

තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක විසින් ස්තූති කථාව පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ආඥාපති භඨකාර්ය සම්පාදන අණසක සහ යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.

තරඟාවලියේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූවන් පහතින් දැක්වේ:

සුපර් ලීග් තරඟය

පිරිමි කාණ්ඩය

හොඳම පිරිනමන්නා: ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ජී.එම්.සී මිහිරාන්

හොඳම පන්දු ලබාගන්නා: ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල කේ.එම්.එස් සමන් කුමාර

හොඳම සකසන්නා: ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල ආර්.ජී.ජී.ඩී.ඒ යාපා

හොඳම ආවරණය කරන්නා: ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එච්.එස්.එම් සිල්වා

හොඳම ආරක්‍ෂකයා: ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල ඒ.ටී අමරසිංහ

හොඳම ප්‍රහාරකයා: ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් කේ.සී සඳරුවන්

හොඳම ක්‍රීඩකයා: ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබල ඩී.කේ.ආර්.පී අබේසිංහ

කාන්තා කාණ්ඩය

හොඳම පිරිනමන්නා: ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.එස්.ඒ.එස් සෙනෙවිරත්න

හොඳම පන්දු ලබාගන්නා: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.ඒ.එම්.අයි බාලසූරිය

හොඳම ප්‍රහාරකයා: ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.ජී.සී.එම් වීරසිංහ

හොඳම ආවරණය කරන්නා: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එල්.ආර්.කේ.ඩී විජේකෝන්

හොඳම ආරක්‍ෂකයා: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.පී.ඒ බණ්ඩාර

හොඳම සකසන්නා: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්. තමිල් චෙල්වි

හොඳම ක්‍රීඩිකාව: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජේ.පී.ඒ මධුරිකා

‘ඒ’ කාණ්ඩය

හොඳම පිරිනමන්නා: ඉංජිනේරු සේවා බලකායේ ඉංජිනේරු සෙබල එම්.පී.එස් ජයසේකර

හොඳම පන්දු ලබාගන්නා: ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.ඩී.එම්.එස් වික්‍රමසේන

හොඳම සකසන්නා: ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.පී ලහිරු

හොඳම අවහිර කරන්නා: සාමාන්‍ය සෙබළ එච්.ටී.එන්.එන්.ද සිල්වා - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය

හොඳම ආවරණය කරන්නා: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.එච් සිල්වා

හොඳම ප්‍රහාරකයා: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ සාමාන්‍ය සෙබල ජේ.එච්.බී.එන් බෞද්ධානන්ද

හොඳම ක්‍රීඩකයා: ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.ඩී තරංඟ