Header

Sri Lanka Army

Defender of the Nation

10th April 2025 13:20:39 Hours

ආරක්‍ෂක සේනා බටහිර භටපිරිස් අලුත් අවුරුදු සිරි සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් 2025 අප්‍රේල් මස 04 දින බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ RWP RSP USP rcds psc සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සචේතා හේවගේ මහත්මිය සහභාගි වූහ.

කඹ ඇදීම, විකට ඇඳුම්, අලියාට ඇස තැබීම සහ අවුරුදු කුමරිය තේරීම වැනි සාම්ප්‍රදායික හා විනෝදාත්මක ක්‍රීඩා රැසක් සමඟින් මෙම අලුත් අවුරුදු උත්සවය පැවැත්විණි.

මේ අතර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් එම රෙජිමේන්තුවේ සියළු නිලධාරින්, සෙසුනිලයන්, සිවිල් සේවක මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 6 දින බක්මහ උළෙලක් පවත්වන ලදී.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP සමඟින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මිය සහභාගි වූහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ භටපිරිස් සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරයි