27th March 2025 17:24:05 Hours
කොළඹ 07 ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් බහුවිධ පහසුකම් සංකීර්ණයේ දී පැවති විශේෂ ‘ඉෆ්තාර්’ චාරිත්‍රය පැවැත් වීමේ වැඩසටහනට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 මාර්තු මස 26 දින සහභාගි විය. මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සංස්කෘතික සහයෝගීතාවය ශක්තිමත් කරමින් ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඉෆ්තාර් චාරිත්‍රය පැවැත්වීමේ සාම්ප්‍රදායික අවස්ථාව සනිටුහන් කරන ලදී.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් සංගමය සහ එහි සභාපති මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල RWP RSP ndc psc, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සාමාජිකයන්, ජාතික ආරක්‍ෂ විද්‍යාලයේ සහ ආරක්‍ෂ සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා හදාරනු ලබන විදෙස් මුස්ලිම් ශිෂ්‍ය නිලධාරින් සහ සියළු රෙජිමේන්තු නියෝජනය කරමින් එම රෙජිමෙන්තුවල සේවයේ නියුතු සියළු මුස්ලිම් නිලයන් සහභාගි වූහ.