Header

Sri Lanka Army

Defender of the Nation

23rd March 2025 22:35:51 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ 27 වන බලකාධිපති වශයෙන් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu, 2025 මාර්තු මස 20 දින කරන්දෙණිය, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා සාම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

නව බලකාධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලදී. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.

නව ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu, කිලිනොච්චිය, 1 වන බලකායේ බලකාධිපති ධූරයේ ද රාජකාරි කටයුතු සිදුකරනු ලබයි.