Header

Sri Lanka Army

Defender of the Nation

22nd March 2025 21:04:59 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර පාලන පරීක්‍ෂාවක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 මාර්තු මස 21 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ආයතනයන්හි සහ එම මූලස්ථානය මගින් සිදුකරනු ලබන මෙහෙයුම් හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ අරමුණින් නිල සංචාරක නිරත විය.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මූලික රෝහල - පනාගොඩ, ක්‍රීඩා ගම්මානය සහ කැන්දලන්ද නිලධාරි විවාහක නිවාස සංකීර්ණය ද නිරීක්‍ෂණය කිරීම සඳහා සංචාරයේ නිරත විය.

සංචාරය අතරතුරදී එතුමන් නාරාහේන්පිට, නිලධාරි නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කර එහි ප්‍රගතිය ඇගයීමට ලක් කළේය.

මෙම සංචාරය සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.