18th March 2025 17:04:41 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අභිමානවත් 12 වන සංවත්සර දිනයට සමගාමීව 2025 මාර්තු මස 11 සිට 13 දින දක්වා සැමරුම් උත්සව මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
සැමරුම් උත්සවයට සමගාමීව, භටපිරිස් විසින් බණ්ඩාරවෙල, අමුනුදෝව සැනසුම වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කර එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය. සැමරුම් උත්සවය සමාප්තිය සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේදී දානමය වැඩසටහනක් ද පැවැත්විණි.