Header

Sri Lanka Army

Defender of the Nation

18th March 2025 16:47:30 Hours

1 බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

1 බලකායේ 7 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu, 2025 මාර්තු මස 17 දින කිලිනොච්චිය, 1 බලකා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව නව ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි 1 බලකායේ නව බලකාධිපති වෙත 3 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර සහ සම්මාන මුර ගෞරවාචාරයන් පිරිනමන ලදී.

අනතුරුව, නව බලකාධිපති භටපිරිස් අමතමින් එම භටපිරිස් වෙත පැවරී ඇති රාජකාරි සහ වගකීම් පිළිබඳව දැනුවත් කළේය.