Header

Sri Lanka Army

Defender of the Nation

18th March 2025 17:02:39 Hours

543 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 543 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එස්.ඩබ්ලිව්.කේ ගල්හේනගේ RWP RSP USP psc ගේ මඟපෙන්වීම මත එම බලසේනාව හා කොළඹ ශාන්ති ප්‍රජා සජීවිකරණ ආයතනය එක්ව තලෙයිමන්නාරම රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන් වෙත මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ එම පාසලේ සිසු සිසුවියන් 100 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 14 දින පවත්වන ලදී.

මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව පාසල් සිසු සිසුවියන්ගේ ඇති දැනුම වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.