Header

Sri Lanka Army

Defender of the Nation

18th March 2025 09:21:37 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ධර්මරාජ විද්‍යාලයේ පැවති වාර්ෂික ක්‍රීඩා උළෙලට සහභාගි වෙයි

මහනුවර, ධර්මරාජ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 12 දින ලේක් වීව් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර, එම අවස්ථාවට විදුහල්පතිතුමන්ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සහභාගි විය.

ක්‍රීඩා උත්සවයෙන් අනතුරුව, මාණ්ඩලික ප්‍රධාන සිසුන් අමතමින්, අධ්‍යාපන හා ක්‍රීඩා යන දෙඅංශයෙහිම ජයග්‍රහණයන් සඳහා ඔවුන් දිරිමත් කළේය. අනතුරුව, ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරමින් යුද්ධ හමුදාවේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස රාජකාරි කරනු ලබන තමාට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරාධනා කිරීම වෙනුවෙන් එම විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සහ සියලුම සාමාජිකයන්ට සිය කෘතවේදීත්වය පළ කළේය.

සම්මාන ප්‍රදානෝත්සවයේදී, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ඉහළම දක්‍ෂතා දැක්වූ සිසුන්ට සහ ජයග්‍රාහී නිවාසවලට ත්‍යාග ප්‍රදානය කරමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා ඇගයීමට ලක් කළේය. උත්සව අවස්ථාව අවසානයේදී, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානගේ පැමිණීම ඇගයීමට ලක්කරමින් ත්‍යාගයක්ද ප්‍රදානය කරන ලදී.