06th March 2025 06:01:48 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදා රියදුරන් සඳහා රථවාහන නීති උල්ලංඝනය කිරීම්, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025 මාර්තු මස 05 දින ආරක්‍ෂ සේනා මූලස්ථානය - වන්නි දේශන ශාලාවෙදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ උපදේශකයින් විසින් මෙම දේශන පවත්වන ලදී. ඊට අමතරව, වවුනියාව පොලිස් ස්ථානයේ පොලිස් පරීක්‍ෂක එස්.එම්.ආර් සුරවීර මහතා විසින් මාර්ග නීති, රෙගුලාසි සහ රථවාහන අනතුරු අවම කරගැනීම පිළිබඳව ද දේශනයක් පැවැත්වීය. මෙම දේශන සඳහා රියදුරන් 58 දෙනෙකු සහභාගි වූහ.