06th March 2025 16:24:52 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව සහ පරිපාලන විශිෂ්ඨත්වය සහතික කිරීම සඳහා වන කැපවීම තහවුරු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG මහනුවර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරු කිහිපයක සංචාරයක නිරතවිය.
එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් 6 කාරක රෙජිමේන්තුව ශ්‍රි ලංකා ඉංජිනේරු බලකාය, 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය සහ 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකාය යන කඳවුරු පරිශ්‍රයන්හි නිරීක්‍ෂණ සංචාරයන් සිදුකළේය.