05th March 2025 22:42:27 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (හමුදා උපායමාර්ග) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ඒ.බී.එස්.යූ අබේසේකර psc, 2025 මාර්තු මස 03 දින හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායකයින් 123 දෙනෙකු වෙනුවෙන් ‘ආයතනික සහ සමාජීය ආචාර ධර්ම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීය. ‘තක්‍ෂිලා නියමු වැඩසටහන - 2025’ යටතේ පැවති මෙම දේශනය, එම විද්‍යාලයේ විදුහල්පති සහ මානව සම්පත් සංවර්ධන ඒකකයේ ඉල්ලීමකට අනුව සංවිධානය කෙරිණි.
මෙම දේශනය අතරතුරදී, එතුමන් වෘත්තීමය හැසිරීම, නායකත්වය සහ සමාජීය හැසිරීම පිළිබඳ වටිනා අවබෝධයක් බෙදාදුන් අතර, අනාගත නායකයින් වශයෙන් විශිෂ්ඨත්වය කරා පියමං කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය කුසලතාවයන් එම ශිෂ්‍ය නායකයින් වෙත ලබාදෙන ලදී. හමුදා උපායමාර්ග සහ විනය පිළිබඳ එතුමන් සතු විශේෂඥතාවය සිසුන් අතරේ විදහා දැක්වූ එතුමන් වෘත්තීමය සහ සමාජීය පරිසරයන් තුළ ව්‍යුහගත නායකත්වය, ඵලදායී සන්නිවේදනය සහ සදාචාරාත්මක හැසිරීමේ ඇති වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.
මෙම දේශනය අතරතුරදී, පාසල් සිසුන් හට මේජර් ඒ.බී.එස්.යූ අබේසේකර psc සමඟින් සාකච්ඡා කිරීමට, ඔවුන් සතු ගැටළු ඉදිරිපත් කිරීමට සහ ඔවුන්ගේ කාර්යභාරයන්ට අදාළව ප්‍රායෝගික දැනුම ලබාගැනීම වෙනුවෙන් අවස්ථාව හිමිවිය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් දේශනය සමාප්තියේ, දේශනය සිදුකළ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමරු තිළිණයක් පිරිනැමිණි.
මෙම දේශනය සඳහා පාසල් කාර්ය මණ්ඩලය, ගුරු භවතුන්, පාසල් සිසුන් සහභාගි වූහ.