Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2025 14:12:52 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 18 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එච්.ඒ.ඩී ආරියසේන RWP RSP USP psc ptsc ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තුවේ අභිමානවත් 18 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් 2025 පෙබරවාරි මස 27 දින සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, එතුමන් එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙත සිය පුෂ්පෝපහාර පුදකළේය. පසුව, සම්මාන පෙළපාලියේ ගෞරවාචාරයන් ද එතුමන් වෙත පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ රෙජිමේන්තු අධිපතිතුමන් සියළු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගි විය.

ඉන් අනතුරුව, අන්තර් රෙජිමේන්තු ආධුනික බොක්සිං තරඟාවලියේ 4 වන ස්ථානය දිනාගත් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බොක්සිං කණ්ඩායම වෙත රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකළේය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.