04th March 2025 13:49:12 Hours
මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල, 2025 පෙබරවාරි මස 28 දින බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම විද්‍යාලීය විදුහල්පතිතුමන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG සහභාගි විය.
මෙහිදී, විද්‍යාලීය සිසුවියන් මළල ක්‍රීඩා ඉසව් තුළින් සිය දක්‍ෂතාවයන් එළිදැක්වූහ. උත්සවය සමාප්තියේ, ප්‍රධාන ආරාධිත අමුත්තා එම සිසුවියන් ආමන්ත්‍රණය කරමින් අධ්‍යාපනය හා ක්‍රීඩාව තුළින් විශිෂ්ඨත්වය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කිරීමට ඔවුන් දිරිමත් කළේය.
පසුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කරමින් ඔවුන්ගේ ජයග්‍රහණයන් ඇගයීමට ලක්කරන ලදී.