Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2025 15:49:01 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයන් වෙනුවෙන් QR ගෙවීම් පද්ධතියක් හඳුන්වාදෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ ලංකා බැංකුව ඒකාබද්ධව 2025 පෙබරවාරි මස 28 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් වෙනුවෙන් සුභසාධන පහසුකම් සැලසීම සඳහා QR ගෙවීම් පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා RSP USP nps psc මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.