Header

Sri Lanka Army

Defender of the Nation

03rd March 2025 15:53:24 Hours

‘ගුවන් හමුදා පාපැදි සවාරිය 2025’ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි ක්‍රීඩකයින්ට ජයග්‍රහන රැසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබූ ‘ගුවන් හමුදා පාපැදි සවාරිය 2025’ අඛණ්ඩව 26 වන වරටත් 2025 පෙබරවාරි මස 28 දින සිට මාර්තු මස 02 දින දක්වා පවත්වනු ලැබීය. අදියර තුනකින් යුත් මෙම තරඟය වීරවිල සිට රත්නපුර, මහනුවර, කුරුණෑගල සහ කටුනායක හරහා ගාලු මුවදොර දක්වා කිලෝමීටර 408 ක දුර ප්‍රමාණයක් ආවරණය කළ අතර, ඒ සඳහා විදේශීය තරඟකරුවන් ඇතුළු පාපැදි තරඟකරුවන් 166 දෙනෙකු සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් සඳරුවන් පින්තු සමස්ත තරඟයේ දෙවන ස්ථානය හිමිකර ගත් අතර, කාර්මික සෙබල මීමනගේ පෙරේරා තෙවන ස්ථානයට හිමිකර ගනිමින් වයස අවුරුදු 23 න් පහළ ශූරතාව හිමිකර ගත්තේය. එහිදී යුද්ධ හමුදා පාපැදි කණ්ඩායම හොඳම කෙටි දුර ධාවකයාට හිමි සම්මානය සහ ‘King of the Mountain’ ශූරතාව හිමිකර ගනිමින් සමස්ත කණ්ඩායම් ශූරතාව ද හිමිකර ගත්හ.

සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ, ‘Rifle Green’ පිටියේදී පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපතිතුමන් සහභාගි විය.

(ඡායාරූප අනුග්‍රහය: www.airforce.lk)